කැඩුම් බිඳුම් හෙවත් භග්න චිකිත්සා ප්‍රතිකාර පොතේ අන්තර්ගත කරුණු
ආයුර්වේද වෛද්‍ය ඊබට් අමරසේන මහතා විසින් රචිත පිටු 48කින් යුක්ත කැඩුම් බිඳුම් භග්න චිකිත්සා ප්‍රතිකාර නම් කුඩා පොතේ කැඩුම් බිඳුම් වෙදකමේ දී භාවිතා වන ප්‍රතිකාර ක්‍රම 250 කටත් අධික ප්‍රමාණයක් හා එහි දී බහුලව භාවිතා කරන ප්‍රධාන බෙහෙත් වට්ටෝරු, තෙල් , කෂාය, කැඳ මෙන්ම තෙල් බෙහෙත් ආලේප කිරීමේ දී භාවිතා කරන මන්ත්‍ර පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් වේ.
- කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ දැනුවත් කිරීම
- මනුෂ්‍ය ශරීරයේ සිට සන්ධි පිහිටි තැන් දක්වා සවිස්තර විස්තරයක් ඇතුළත්ය.
- රෝගය හඳුනා ගැනීම සිදු කරන ආකාරය.
- රෝග ලක්ෂණ නිවැරදිව පරීක්ෂා කරන ආකාරය.
- ඇමැට්ටි, පිරැට්ටි,උළුක්කු,කෙටීම්මක දී කළ නොකළ යුතු දේවල් පිළිබඳ උපදෙස්
- පිටගැස්මට බෙහෙත්
- උරහිස් සන්ධි පැන්න විට සිදු කරන ප්‍රතිකාර
- වැලමිට සන්ධි පැන්න විට සිදු කරන ප්‍රතිකාර
- ඉළ ඇට බිඳුණ විට සිදු කරන ප්‍රතිකාර
- කොදු ඇට බිඳුණ විට සිදු කරන ප්‍රතිකාර
- අත්ලේ ඇට බිඳුණ විට සිදු කරන ප්‍රතිකාර
- උළුක්කුවට සිදු කරන ප්‍රතිකාර ක්‍රම 13ක් සඳහන් වේ.
- උළුක්කු ඇදීමට ප්රත්යක්ෂ තෙල් කිරක්
- කැඩුම් බිඳුම්වල දී භාවිතා කරන පත්තු වර්ග 9ක් පිළිබඳ තොරතුරු ඇතුළත්
- තැල්මට සිදු කරන ප්‍රතිකාර ක්‍රම 08ක්
- කඳ යට තැල්මට විශේෂ බෙහෙත් වට්ටෝරුවක්
- ශරීරයේ ඇතුළත රුදාවට කෂාය සමග කැඳ වර්ග 06ක්
- තැල්මට ලබාදෙන කැඳ වර්ග 04ක්
- අඩස්සියට බෙහෙතක්
- මල පහවීමට භාවිතා කරන බෙහෙත් වට්ටෝරු 05ක්
- මුත්‍ර අඩස්සියට සිදු කරන ප්‍රතිකාර ක්‍රම 08ක්
- උසකින් වැටුණු අයට සිදු කරන ප්‍රතිකාර ක්‍රම 05ක්
- උසකින් වැටී සිහි නැති වූ විට ලබාදෙන බලගතු ඔසුවක්
- කැඩුම් බිඳුම් රෝගීන්ට උණ ගත් විට ලබාදෙන ප්‍රධාන කෂාය වට්ටෝරු 08ක්
- කැඩුම් බිඳුම් ස්ථානවලින් ලේ යනවාට සිදු කරන ප්‍රතිකාර ක්‍රම 8ක් සහ බලගතු මන්ත්‍ර 02ක්
- රහස් යයි සම්මත කෙමෙක්
- කැඩී ඇති ඇට කැබලි පිටතට ගැනීමට භාවිතා කරන බෙහෙත් වට්ටෝරු 16ක්
- ඇට කැබලි පිටතට ගත් පසු තුවාල සුව වීමට සිදු කරන ප්‍රතිකාර 16ක්
- තුවාලයක ඔඩුයාම වළක්වා ගැනීමට භාවිතා කරන බෙහෙත් වට්ටෝරු 05ක්
- ඔඩු තෙල් වර්ග 9ක් සකස් කරගන්නා ආකාරය සඳහන්ය.
- තුවාල සඳහා භාවිතා කරන බෙහෙත් තෙල් වර්ග 06ක් සකස් කරගන්නා ආකාරය ඇතුළත්වේ
- බිඳුණු හන්දි හෝ ඇට පෑස්සීමේ බෙහෙත් 07ක්
- එක් පැයේ හන්දි බෙහෙත් 03ක්
- පැය දෙකේ හන්දි බෙහෙත් 04ක්
- තුන් පෑ හන්දි බෙහෙත් 04ක්
- පැය පහළොවේ හන්දි බෙහෙත් 15ක්
- තිස් පැයේ හන්දි බෙහෙත් 13ක්
- පැය හැටේ හන්දි බෙහෙත් 03ක්
- බිඳුණු ඇට පෑස්සීමට භාවිතා කරන බෙහෙත් වට්ටෝරු 05ක්
- බිඳුණු ඇට අනියම් විධියට පෑස්සීමට ප්‍රතිකාර ක්‍රම 05ක්
- සන්ධි නැවත සැකසීමෙන් පසුව දෙන කෂාය වර්ග 02ක්
- කැඩුම් බිඳුම්වල දී බහුලව භාවිතා වෙන තෙල් කිරි වර්ග 07ක්
- සන්ධි ගැන්වීමෙන් පසු නහර ප්‍රාණවත් කිරීමට භාවිතා කරන බෙහෙත් වට්ටෝරු 09ක්
- සුව වීම ප්‍රමාද වන කැඩුම් බිඳුම්වල දී සිදු කරන විශේෂ ප්‍රතිකාර ක්‍රම.
- වාත නාශක කෂාය වර්ග 05ක්
- කරේ බඳින බෙහෙත් වට්ටෝරු 04ක්
- රෝගීන් නෑවීමේ දී භාවිතා කරන ඖෂධ වට්ටෝරු 05ක්
- කැඩුම් බිඳුම් වේදමේ දී රෝගියෙකුට ලබාදෙන විශේෂ ආහාරපාන මෙන්ම රෝගියකුට නුසුදුසු ආහාර පිළිබද තොරතුරු ඇතුළත් වේ.
- තැල්මට තැවිම සඳහා භාවිතා කරන බෙහෙත් ඔසු වට්ටෝරු 04ක්
- තුවාල සඳහා විශේෂ තෙලක්
- මහා හන්දි තෙල සකසාගන්නා ආකාරය.
- විශේෂ ඔඩු තෙල් බෙහෙත් වට්ටෝරු 02ක් සකසාගන්නා ආකාරය සඳහන්
Reviews
There are no reviews yet.