Reviews

ඌව වෙල්ලස්ස කැරැල්ල සහ අසම්මත පෙම්වතුන්ගේ කෙරුවාව හෙළි කරන මාගම් සෝලිය.

ලාංකිකයන් විදියට අපි ලාංකීය ඉතිහාසයේ සැගවුණු තැන්, කිසිසේත්ම ස්පර්ශ නොවුණු තැන් කියවිය යුතුයි. ඒ සඳහා ඉතිහාස පොත පතම පරිශීලනය කිරීම අවැසි වෙන්නේ නැහැ. ඒ සඳහා ඉතිහාසය පාදක කොටගෙන ලියැවුණු රසවත් නිර්මාණයන් ඕනෑ තරම්. ඒ අතරින් අද අපි කතා කරන මාගම් සෝලිය එවැනි කෘතියක්.

අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදුවුනු සටන් අතරින් වඩාත් බිහිසුණු අතිශය තීරණාත්මක සටනක් විදිහට ඉතිහාසයේ සඳහන් වෙන කැරැල්ලක් තමයි 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල. මේ කැරැල්ල පාදක කොටගෙන මොහාන් රාජ් මඩවලයන් අතින් ලියැවුණු තවත් අපූරු නවකතාවක් තමයි මාගම් සෝලිය. නමුත් මෙය ඉතිහාස කතාවක් නම් නෙවෙයි. මාගම් සෝලිය කතාව ඌව වෙල්ලස්ස කැරැල්ලට පෙර සහ පසු වසර කීපයක ඌව වෙල්ලස්සේ ගමක සිදුවුණු සිදුවීම් දාමයක් වටා ගෙතෙන අපූරු නිර්මාණයක්.

එදා වගේම අදත් විවිධ වූ ඝට්ටනයන්වලදී, විවිධ වූ අරගලවලදී විශාල වශයෙන් සිවිල් ජනතාව අකාලයේ මියැදෙනවා. තුවාල ලබනවා. මොහාන් රාජ් මඩවලයන් මේ නිර්මාණය තුළින් ඉස්මතු කරනවා ඌව වෙල්ලස්ස කැරැල්ල ජයග්‍රහණය අබියස තිබියදී කැරලිකරුවන් මර්දනයට රොබට් බ්‍රවුන්රිග් භාවිතා කොටගත් ඒ උපාය. එහිදී අහිංසක ජනතාව සමූල ඝාතනය කරමින් ඔවුන්ගේ ගේ දොර, කුඹුරුපිටි, හරකබාන සියල්ලම විනාශ කරන්නට ඔවුන් තීරණය කරනවා. ඒ අනුව මේ නවකතාව තුළින් මේ කැරලි හමුවේ අහිංසක ජනතාවට විඳින්නට සිදු වුණු දුක් ගැහැට පීඩාවන් ආදිය පිළිබඳව හරි අපූරුවට විවරණය කරලා තියෙනවා.

ගැහැනියක් මුල්කරගෙන හාමුදුරුවෝ (ගණින්නාන්සේ) නමකට කරන චෝදනාව අර්ථය කොටගත් මේ මාගම් සෝලිය ඌව වෙල්ලස්ස ගම්පියසේ පුංචිරාළ සහ ගෝමරීගේ පවුල කේන්ද්‍ර කර ගනිමින් තමයි අපූරුවට මෙය ගලා යන්නේ. ඉතින් මේ මාගම් සෝලිය යථාර්ථය ඉක්මවා ගිය රීතියකින් රචනා වෙලා තියෙන ඇතැම් අය ප්‍රතික්ෂේප කරන නමුත් බොහෝ ජනප්‍රිය වුණු ග්‍රන්ථයක්. මේ පොත බොහෝ අය ප්‍රතික්ෂේප කරන්නට හේතු වෙලා තියෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද ලිංගික සම්බන්ධතාවයන් බොහොමයක් මෙහි අන්තර්ගත වී තිබීම.

තමන්ගෙම ලේවලට දාව උපදින දියණිය සමග තම පියා පවුල් කෑම ඉන් එකක්. පුන්චි රාළගේ දෙවනි විවාහක බිරිඳ වුණු ගෝමරීගේ කුසින් වැදූ වල්ලී ගෙට වීමත් සමඟම ඇයවත් රැගෙන හේනේ පදිංචියට යන පුන්චි රාල තම ලෙයින්ම ජාතක කළ දියණිය සමඟ සහවාසයේ යෙදෙනවා.

තම සැමියාගේ කලින් විවාහයේ පුතු සමඟ දෙවන විවාහක බිරිඳ රමණයේ යෙදීම එවැනි තවත් අවස්ථාවක් .

..මං යන්නද කුඩම්මෙ පිලට ඔහොම ඉදහං මගෙ පපුව ටිකක් හිර කරනවා.. පපුව ටිකක් අතගාපං ඔහු ඇය සිටි පැත්තට හැරුණේය…මට සීතලයි බං… මාව බදා ගනින්.. ඇය ඔහුගේ ගෙල සිපගත්තාය. කන්පෙති අතගෑවාය. දත්වලින් නිකට හැපුවාය. දෙතොල් උරා බීවාය… පසුව ඔහුගේ ඇඟ උඩට නිරුවතින් නැග මුළු ජවයෙන්ම ඔහු බදාගෙන යටි බඩ ඔහුගේ සිරුරට තදකරගෙන කෙදිරි ගාන්නට වුණාය.

ඒ විතරක් නෙවෙයි පුරුෂයා නිවසේ නොමැති අවස්ථාවේ පුරුෂයාගේ මිතුරෙක් සමඟ බිරිඳ රමණය කිරීම, පන්සලේ වසන මහණ නොවුණ ගණින්නාන්සේ නමක් ගමේ කාන්තාවක් සමඟ පන්සල තුළදීම ලිංගිකව හැසිරීම කියන සමාජය විසින් අසංස්කෘත සහ අසම්මත ලෙස සලකන ලිංගික සබඳතා බොහොමයක්ම මේ තුළ අන්තර්ගතයි.

අසම්මතය යනු සිදු නොවිය යුතු දෑ සිදුවීම වුණත් එකී අසම්මතයන් නිරන්තරයෙන් සිදු වෙමින් පැවතීමයි සැබෑ යථාර්ථය. අපි පිළිගන්නට මැලි වෙන යථාර්ථය. ඉතින් අපේ සමාජයේ එදා වගේම අදත් සිදුවෙන හැම ලිංගික සම්බන්ධතාවයක්ම ශිෂ්ට සම්පන්න සමාජය විසින් වැළඳගන්නා ඒවා විතරක්ම නෙවෙයි. එවැනි අසම්මත ඇතැම් ලිංගික සම්බන්ධතාවයන් ගැන අපිට අදත් අසන්නට ලැබෙනවා.

ඉතින් ඉතිහාසය පුරා පැවත එන සම්මත සහ අසම්මත ආදරයන්, කාමය සහ ලිංගිකත්වය ඇතුළුව මෙහි වැඩි වශයෙන් කතා බහ වුණත් එකදිගට කියවා රසවිදිය හැකි අපූරු නිර්මාණයක් සහ වෙනස්ම විදිහෙ කියවීමක් තමයි මේ මාගම් සෝලිය.

ඉංග්‍රීසින් මුළුමනින්ම ශ්‍රී ලංකාද්වීපය ඔවුන්ගේ පාලනයට නතු කර ගැනීම, ඌව වෙල්ලස්ස කැරැල්ල ඇතිවීම සහ ඊට සමාන්තර කාලයක ඌවේ සැඟවුණු කුඩා ගම්මානයක සිදුවුණු, අතීතයේ දවසක කාගෙවත් අවධානයට ලක් නොවුණු හරි අපූරු සිදුවීම් දාමයක් අන්තර්ගත මේ නිර්මාණය වෙනස්ම රසයක් එකතු කරාවි ඔබට.

මේ පොත ඉතිහාස කතාවක් ද? එහෙමත් නැත්නම් ලෝකයේ කවදාවත් සිද්ධ වෙලා නැති කතාවක් ද කියන කාරණය රස විඳින්නා සතු විය යුතු දෙයක්. ඒ සඳහා මේ පොත පාඨක ඔබ රසවිදිය යුතු වෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *