- Author රොබින් ෂර්මා
- Translator උපාලි රත්නායක
- Publisher සුසර ප්රකාශකනයකි
- Pages 312
ඔබත් ඕනෑ තරම් නායකත්වය හොබවන පුද්ගලයන් දැක ඇති. ඔබත් නායකයෙක් ලෙස කටයුතු කරලා ඇති.ඒත් සැබෑ ලෙසම නායකත්වය කියන්නේ අපි හිතනවාටත් වඩා ගැඹුරු, හෘදයාංගම සහ ආධ්‍යාත්මික මෙහෙවරක් බව සේවයක් බව Leadership Wisdom – From the Monk Who Sold His Ferrari කෘතිය ඔස්සේ හරි අපූරුවට පෙන්වා දී තියෙනවා. ඒ ලොව පුරා ප්‍රකට දේශකයෙක් වෙන රොබින් ෂර්මා විසින්. “ඒ අපූරු මග ( විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8 )” යනුවෙන් උපාලි රත්නායකයන් පරිවර්තනය කරන්නේ ෂර්මාගේ මේ කෘතිය.
මතුපිටින් ඉතා සරල බවක් පෙනුණත් කරුණු 8 ක් මූලික කොට ගෙන ඉදිරිපත් කර ඇති මේ කරුණු සැබැවින්ම ඕනෑම අයෙකුගේ ජීවිත සාර්ථක ලෙස වෙනස් කරන්නට තරම් සමත් බව කිව යුතුමයි. ෂර්මාගේ දිගුකාලීන අත්දැකීම් සහ ගැඹුරු දැනුම පදනම් කරගෙන පෙරදිග සහ අපරදිග දර්ශනවල සාරය කැටිකරගෙන ඉදිරිපත් කර ඇති මේ කෘතියේ ජීවිතය දිනන අපූරු රහස් බොහොමයක්ම අන්තර්ගතයි.පරිශීලනය කරන ඕනෑම අයෙකුගේ ජීවිත යහපත් දිශාවට නිසැකයෙන්ම පරිවර්තනය වෙන මේ අසිරිමත් පොත ඔබත් අරන් කියවන්න.
Reviews
There are no reviews yet.