භග්න චිකිත්සා හන්දි වෙද පොත හෙවත් පුරාණ හන්දි වෙද පොතේ අන්තර්ගත කරුණු
බොරුග්ගමුවේ ගිරිමානන්ද හිමියන්ට ලැබුණු කොත්මලේ පළාතේ ප්රසිද්ධ හන්දි වෙද මහතෙකු විසින් ලියන ලද පොතක් ඇසුරින් සම්පාදිත පිටු 66කින් සමන්විත මෙම පුරාණ හන්දි වෙද පොතේ කැඩුම් බිඳුම් වෙදකමේ දී බහුලව භාවිතා කරන ප්රතිකාර ක්රම 120 කටත් අධික ප්රමාණයක් මෙන්ම එදිනෙදා ජීවිතයේ හැම දෙනාටම මුහුණදීමට සිදුවෙන යම් යම් අනතුරුවල දී සිදු කළ යුතු ප්රතිකාර ක්රම පිළිබඳ තොරතුරු බොහොමයක් සහඳන් වේ.
01.බුන්නාට පිළියම්
- භින්න චිකිත්සා ක්රමය
- පළමු කිස අන් අයුරකින්
- සන්දි බේත්
- කරේ බඳින බේත්
- බත් ඉතිරෙන හන්දිය
- එකපැයට හන්දිය
- තුන්පැය හන්දියට
- නව පැය හන්දියට
- තිස් පැයට හන්දියට
- හැට පැයට හන්දිය
- හන්දි සවිවෙන්ට
- ඇටබුන්නාට
- ඇඟිලි සන්ධියට
- සන්ධි වූ තැන කටු සවිවීමට
- පැණි පත්තුව
- ඉදිමුමට පත්තුවක්
- අඩස්සියට
- තුන්මසකට පමණ ඉහත සුව වූ තුවාල නැවත රීදේනම්
- තැලුණු තුවාලේ මතුපිට එන ගෙඩිවලට
- කැඩුණු බිඳුණු වණවලට තෙලක්
- මස් හිරවෙන්ට
- මස් හිරවෙන්ට පත්තුවක්
- තැල්මට, දුවන වාතෙට තැවිලි
- බිඳුනු තුවාලෙන් ලේ යනවාට
- බිඳුණු තැන රිදුමට පත්තුවක්
- ඉලිප්පී තිබෙන ඇටවලට
- කැපුන් කෙටුන් වන ඇසිරෙන්නට
- කැපුත් කෙටුන් සන්ධිවෙන්ට
- කැපුන් කෙටුන් නහර ප්රාණවත් වීමට
- කැපුන් කෙටුන් වනේ ලේ හිටින්ට හා වෙනත් ප්රතිකාර
02.තැල්මට පිළියම්
- තැල්මට
- කඳට ලේ බැස්සාට
- තැල්මට කැඳ
- තැල්මට තෙල
- තැල්මෙන් ආ අඩස්සියට
- වාතෙන් බඩ පුරවා උස්මුරුත්තාවට ඒ නම්
03.ගසින් වැටුණු අයට පිළියම්
- ගසින් වැටුණු අයට
- ගසින් වැටුණු අයට ප්රථමයෙන් දීමට
- ගසින් වැටුණු අයගේ කඳට ලේ බැස්සාට
- ගසින් වැටුණු අයට කැඳ
- එයටම විරේකයක්
- ගසින් වැටුණු අයට තෙල
- බිඳුණු තැන කෙවුමට රීදුමට බෙහෙත්
- තෙල් කිරට
04.අවහන්දියට ජේන්දුවට පිළියම්
- අවහ දියට
- මහා හන්දි තෙල
- කෙවුමට
- හන්දි වූ තැන කෙවුමට රීදුමට
- කිරිබොන බාල දරුවන්ගේ අතපය හන්දි පැන්තාට බේත්
- ජේන්දුවට
- තෙල් කිරට
05.තුවාල වලට පිළියම්
- තුවාල වූ අයට සිහි නැති වුනාට
- තුවාල වලට ප්රතිකාර
- මහා තුවාල තෙල
- සියලු තුවාල වලට පළමු තෙල
- වෙඩි වැදුණු තුවාලයට තෙල
- සියලු වනයට සහ බල්ලන් කෑ තුවාලයට තෙලක්
- තුවාලෙට
- සියලු තුවාල වලට රළුවක්
- ඔඩුතෙල
- තුවාලවල ඔඩු කැපෙන්නට බෙහෙතක්
- ඔඩුවණවලට
- ලේ සිටුවීමට
- බිඳුන තැන ලේ යනවාට
- බිඳුන තැන ලේ යනවාට හන්දිවීමට
- හරකාගේ හෝ මිනිහාගේ කඳයට උල හිටියාට
- කුණ ඇදෙන්ට – විනට
- තුවාල කුණ තිබෙනවාට
06.සතුන් කෑවාට පිළියම්
- වියරු සතුන් කෑවාට
- පිස්සු ඇරෙන්නට බේත් ගුලිය
- නස්නයට
- එයට කසාය
- තවත් බෙහෙතක්
- බල්ලන් කෑවාට
- වියරු බලු විසට
- වලහ කෑවාට
- වලහ කෑ තුවාලෙට
- එයට තෙලක්
- කිඹුලා කෑවාට
- ඌරන් කෙටු වර්ණයට
- ලේ සිට වීමට
- එයට තවත් බෙහෙතක්
- කටු ඇනුනාට
- පැණි පත්තුවට
07.ඇමැට්ටියට උළුක්කුවට තැල්මට පිළියම්
- ඇමැට්ටියට
- උළුක්කුවට
- තැල්මට
- තැල්මෙන් වූ අඩස්සියට
- ගල් තැල්මට
- උළුක්කුවට
- තෙල් කිරට
- ඇට කෙටුමට
- හන්දි කිරීමට
- කෙවුමට
08.අරමණ, පරංගි, අළුහම් ආදියට පිළියම්
- අරමණ වලට දුම
- අරමණ තෙල
- පරංගියට
- පරංගි අරමණයට
- රසදිය බෙහෙත
- පරංගි රුදාවට
- දුමසට
- දුමස් වණයට
- අළුහම්වලට
- හොරීවලට
- ගින්නෙන් දැවාට
- කබර වලට
09.කටුපිලිකාවට, කටු ඇදෙන්නට පිළියම්
- ඇතුළේ බිඳුණු උල් කටු ඇදෙන්ට
- ශරීර ගත ඉදිකටු එළියට ගැනීමට
- නාහින් කටින් ලේ යාමට
- ලේ සිටින්නට
- කටු උල් ඇනුනාට
- උල් කටු ඇදෙන්ට
- කැපුන් කෙටුන් තුවාලවලට
- නහර වැල් කැඩුනාට
- කටු පිලිකාවට
10.මන්ත්ර කාණ්ඩය
- ලේ සිටුවීමට මන්ත්ර
- උළුක්කුවට
- වමනෙට
- අතීසාරයට ගුරුකමක්
- තැල්මට
- ගිනි විෂට
- බුලත් කෑ මතට
10.ප්රසිද්ධ ඖෂධ
- මහගඩුකායම
- ගඩු තෙල
- ව්රණ විසාදි තෛලය
- හෙනරාජ කායම
Reviews
There are no reviews yet.