- Author රොබින් ෂර්මා
- Translator උපාලි රත්නායක
- Publisher සුසර ප්රකාශකනයකි
- Pages 224
සමහර පොත් අපිට අපේ ජීවිතයම හරි අපූරුවට උගන්වනවා.ඒ පාඩම් අවුරුදු 100 ක් ජීවත් වුණත් ඇතැම් වෙලාවට ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්.ඉතින් මේ පොතට පුළුවන් අපේ ජීවිතය සහමුලින්ම වගේ වෙනස් කරන්නට.අද ගොඩක් දෙනෙක් හේතුවක් නැතිවත් තමන්ට වැරැද්දක් නොකරපු කී දෙනෙක්ට සමාජ මාධ්‍ය ඔස්සේ බනිනවද අපහස කරනවද “මෙයා (මේකි / මූ ) මට මොකුත් වැරැද්දක් කරල නෑ.. ඒත් මට මෙයාව (මේකිව / මූ ) පේන්න බෑ කියලා. ඔයා හිතුවද මේ පුරුදු අපේ ජීවිතය කොයිතරම් ආපස්සට ගමන් කරවනවද කියලා.
මේ එක නිදසුනක් විතරක් වුණාට අපි හැමෝම වගේ ජීවිත කාලය පුරාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩක් අයහපත් දේවල් කරනවා. විශේෂයෙන්ම ඇත්ත කතා කළ පමණින් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් වෙන්නෙ නැහැ . ඇත්තක් වුණත් ඒ දේ කියන්න අවශ්‍යම ද කියල හිතල කතා කරන්න වෙනවා.
මේ පොත අරගෙන එකපාරක් කියවල බලන්න මේ පොත අපිට කොච්චර යහපත් ගති ගුණ පුරුදු කරනවද කියලා.මොකද මේ පොතේ තියෙන්නෙ අපේ ජීවිතයට වැදගත් දේවල් 101 ක් වෙන වෙනම . වයස් භේදයක් නැතිව ඕනෑම පුද්ගලයෙක්ට සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙක් එක්ක ගැටෙමින් බුද්ධිමත්ව ජීවත්වෙන්න මග කියන මේ පොත ඔබේ ජීවිතයම වෙනස් කරනවා නිසැකයෙන්ම.
” ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය – රොබින් ෂර්මා “
Reviews
There are no reviews yet.