- Author ගයංග සංජීවක මංචනායක
- Publisher වාසනා ප්‍රකාශකයෝ
- Pages 160
සාර්ථකත්වය සහ සතුට සොයා යාම දුෂ්කර කාර්යයක් වුව ද මිනිස් සිතේ ඇති අසිරිය හඳුනාගත් කල එය අපහසු කාර්යයක් නොවන බව මනෝ විද්‍යාඥයින් ලොවට පෙන්වා දුන්නේ මීට ශතවර්ෂ ගණනාවකට ඉහත දී ය.ඔවුන් විසින් පෙන්වා දෙන ලද මාවත ඔස්සේ ගමන් කළ බොහෝ දෙනෙක් මිනිස් සිතේ අසිරිය හඳුනාගෙන සාර්ථකත්වය කරා ගමන් කර හමාරය.
ඉතින් ගයංග සංජීවක මංචනායක මහතා විසින් රචිත පිටු 160 කින් සමන්විත “සිතට සිතක්” කෘතියේ මනෝ විද්‍යාව, ධනාත්මක චින්තනය සමග බුදු දහම මුසුකොට මිනිස් සිත පිළිබඳව සිදු කරන විචාරාත්මක විග්‍රහයක් අන්තර්ගතයි. එසේම මෙම කෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ අපිරිසිදු වී ඇති මිනිස් සිත පිරිසිදු කිරීමයි.සිතට සිතක් කෘතිය අවබෝධයෙන් යුතුව කියවන ඕනෑම අයකුට සිත පිරිසිදු කර ගැනීමට හැකි වනවා පමණක් නොව මෙතෙක් කලක් තමන් නොලද සාර්ථකත්වය කරා ගමන් කිරීමට මනා පිටුහලක් මේ අගනා කෘතිය ඔබට සපයනු ලබයි.
ජීවිතය දිනන්න මිනිසෙකුට අතිශයෙන්ම වැදගත් කරුණු මතෘකා 20ක් ඔස්සේ සරලව කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරදී ඉදිරිපත් කරන සිතට සිතක් නම් කෘතිය වැඩිහිටියන් මෙන්ම පාසල් යන ඔබේ දරුවන්ට ද නොවරදවාම පරිශීලනය කිරීමට ලබාදිය යුතු පොතකි.
Reviews
There are no reviews yet.