- Author සමීර රත්නායක
- Publisher වාසනා ප්‍රකාශකයෝ
- Pages 128
මනෝ විද්‍යා උපදේශකයෙක් ලෙස කටයුතු කරන සමීර රත්නායක මහතා විසින් සම්පාදනය කරන ලද පිටු 128 කින් සමන්විත “සිත මෙහෙයවා ජීවිතය ජය ගැනීම” නම් මෙම පුංචි කෘතිය තුළින් බලාපොරොත්තු වෙන්නේ ධනාත්මක චින්තනය තුළින් සාර්ථකත්වයට පත් වීමට කැමති පුදගලයන් විසින් සිතුවිලි මෙහෙයවීය යුතු නිවැරදි ආකාරය පිළිබඳ සරල මනෝ විද්‍යාත්මක උපදෙස් කාටත් තේරුම් ගත හැකි පරදී ඉදිරිපත් කීරිමයි .
මෙම කෘතියේ අන්තර් ගත කරුණු ගැන කෙටියෙන් පවසනවා නම් සාර්ථකත්වය කරා ගමන් කරන කෙනෙකු නොවරදවාම පිළි පැදිය යුතු කරුණු 10ක් ,ජීවිතය ජය ගැනීමට නම් කාලය නිසි ලෙස හසුරුවා ගත යුතු ආකාරය,ජය පිට ජය ලැබීමට ජීවිතය සැලසුම් කරගත යුතු නිවැරදි ක්‍රම,හැම දෙනාගේම දියුණුවට බාධා කරන පංච මහා බිය නැති කරගන්නා ආකාරය, සාර්ථකත්වය ඉකමණින් ලබා ගැනීමට තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උපදෙස්. ආදී වශයෙන් අපි හැමෝටම සාර්ථකත්වය කරා ගමන් කිරිමේ දී උපකාරී විය හැකි කරුණු මතෘකා 28 ක් ඔස්සේ මෙම කෘතිය තුළ අන්තර්ගත කොට ඇත.සිත මෙහෙයවා ජීවිතය ජය ගැනීම කැමති කෙනෙකුට උපකාරී වෙන අතිශය වැදගත් කෘතියක් ලෙස මෙය හැදින්වීය හැකියි .
Reviews
There are no reviews yet.