- Author නෝමන් වින්ස්ටන් පීල්
- Translator දිල්හානී වික්‍රමරත්න
- Publisher සුසර ප්‍රකාශකනයකි
- Pages 96
” ජීවිතයේ සතුට ඇත්තේ ඔබ අසලම ය. එය ඔබේ හදවත තුළ නිදා සිටී. ඔබේම හදවතේ නිදා සිටින සතුට අවදි කොට ඔබේ හෙට දවස ඒකාලෝක කරන , ආශිර්වාදයක් කොට එයට පණ දිය හැක්කේද ඔබටම ය. ” යනුවෙන් ධනාත්මක චින්තනය පිළිබද ලෝ ප්‍රකට ලේඛකයෙකු වන ඇමරිකානු ජාතික නෝමන් වින්ස්ටන් විසින් ඉදිරිපත් කර ඇත. ධනාත්මක චින්තනය , සුබවාදී සිතිවිලි , යහපත් ආකල්ප මේ සියල්ල එකම සංකල්පය තුළ විවිධ ස්වරූපයන් ය. ධනාත්මක චින්තනය පිළිබද පුහුණු විමේදී ඔබ විසින් කළ යුතුම දෙයක් නම් තමන්ට ආදරය කිරීම .
එවිට මුළු ලොවකටම ආදරය , සෙනෙහස දැක්වීමට ඔබට හැකි වනු ඇත. මෙම කෘතිය පුරාවටම කතුවරයා අවධාරණය කරනුයේ ඔබේ සිතිවිලි වෙනස් කරගත යුතු බවත් එමගින් ඔබේ මුළු ජීවිතයම වෙනස් කරගත යුතු බවත් ය. මොහොතක් නෑර සංකීර්ණත්වයට පත්වන ලෝකය තුළ , අපගේ වටපිටාව පමණක් නොව , අපගේ සිතිවිලිද නිරන්තරයෙන් සංකීර්ණ වෙමින් පවතී. එසේ හෙයින් ජීවිතයේ උඩුගං බලා පිහිණීමට මටවත් , ඔබටවත් නොහැකි වන්නේ ඒ නිසාය.
සතුට සහ සාර් අතර පවතින අඛණ්ඩ සම්බන්දය කතුවරයා මනා ජීවන දෘෂ්ටියක් සහිතව මෙම කෘතිය තුළින් පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ ඒ නිසාය.නෝමන් වින්ස්ටන් පීල් විසින් රචිත ” A guide to confident living ” කෘතිය ” ජීවිතය සොයා යමු ” ලෙසින් සිංහල අනුවර්තනය ඔබ වෙත ගෙන එනුයේ දිල්හානී වික්‍රමරත්න නම් අසහාය පරිවර්තිකාව විසිනි. මේ ඔබේ ශරීර අබ්‍යන්තරය තුළ පවතින චිත්ත ශක්තිය අවධි කිරීමට කාලයයි. ඔබ ඔබ තුළින්ම සාර්ථකත්වයේ නව ගමන් මග සොයා ගත යුතු කාලයයි. ඉතින් හිතවතුනි ඔබ ඔබම වන්න යන දයාබර මතක් කිරීම ඔබ වෙත ගෙන දක්වමින් ” ජීවිතය සොයා යමු ” කෘතිය ආදරයෙන් වැලදගන්න ලෙස පාඨක හිතවත් ඔබට ගෞරවාදරයෙන් ආරදානා කරමු.
Reviews
There are no reviews yet.